"රටක් වටින පොතක්" ලියන්නට රටක් වටින දරුවන්ට ආරාධනා - පොත් දසදහසක් එළිදැක්වීමේ ජාතික ව්‍යාපෘතිය
1. තම නිර්මාණ හැකියාව ඔප්නැංවීමේ අවකාශයක් ලැබීම හා එයින් සැලකිය යුතු අස්වැසීමක් සැනසීමක් ලැබීම.
2. දරුවන් කියවන්නෙනේ නැහැ, ලියන්නේ නැහැ, යන්න වර්තමාන සමාජයේ ජනප්‍රිය මැසිවිල්ලක්. අඳුරට ශාප නොකර පහනක් හෝ දල්වන්න කියනවා වගේ, මැසිවිලිම කියමින් නිකංම සිටිනවාට වඩා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ම වැදගත් වෙවී.
දරුවන්ටත් මෙය වටිනා අවස්ථාවක්, ඒ සමාජයේ ජනප්‍රිය මැසිවිල්ල බොරු කියලා ඔප්පු කරන්න.
3. සෑම දරුවෙක්ම අපට රටක් වටින දරුවෙක්...
ඒ හැම දරුවෙක් ලඟම රටක් වටින කතාවක් ඇති...
ඉතින් මං අපේ දුවලා පුතාලා ගෙන් ආදරයෙන් ඉල්ලන්නෙ..
රටක් වටින ඔබ ලඟ ඇති ඒ රටක් වටින කතාව... රටක් වටින පොතක් බවට පරිවර්තනය කරන්න කියායි.
4. අපේ මාතෘභුමියේ මේ පිං බිම ස්පර්ෂ කරන සෑම දරුවෙක්ම අපට රටක් වටින දරුවෙක්. ඒ නිසා තමයි, රජයේ පාසැල්, පෞද්ගලික පාසැල් වලට පමණක් සීමානොවී, ජාත්‍යාන්තර පාසැල් වල අධ්‍යාපනය ලබන දරුවන්ටත් මෙම ව්‍යායාමයට දායක වන්නට ඉඩ ලබාදෙන්නට අප තීරණය කළේ.
ජාත්‍යාන්තර පාසැල් වල ඉගෙන ගන්නෙත් අපේම දරුවෝ...
එතැනිනුත් නොනැවතී අපි තීරණයක් ගත්තා, ජාත්‍යන්තර පාසැල් වල අධ්‍යාපනය ලබන විදේශ සිසු සිසුවියන්ටත් මෙම වෑයමේ කොටස් කරුවන් කරගන්නට.
එය රටක් හැටියට අපි මුළු ලෝකයටම දෙන වටිනාම පූර්වාදර්ශයක් වේවි.
මේ ආපදා අවස්ථාවේදී අනතුරට ලක්වුනු කිසිම විදේශීය ජාතිකයෙක්ට අපි කිසිම වෙනසක් නැතුව ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සලකන ආකාරයෙන්ම ඔවතැන් කලා.
එය තමයි අපි අභිමානයෙන් රැකගන්න අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය.
ඉතින් ඔවුන්ව සුවපත් කරන අපි, ඔවුන්ගෙ දරුවන් පිට දරුවො කියලා මොහොතකටවත් සිතන්නෙවත් සලකන්නෙවත් නැහැ.
මේ දරුවන් ගෙ අතිනුත් ඉතාමත් අපූරු නිර්මාණ බිහිවේවී. දියුණු රටවල් වල ඉපදුනු හැදී වැඩුනු දරුවො, මේ තීරණාත්මක අවස්තාවේ අපේ රට කටයූතු කරන ආකාරය සහ එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. ඉතින් ඔවුන්ගේ නිර්මාණවලට එය යහපත් බලපෑමක් කරාවී.
මෙම වෑයමේ සාර්ථකත්වය රටක් විදිහට, ජාතියක් විදිහට, අපට සතුටුවෙන්නට පුළුවන් තැනකට අපව ගෙනයාවී.
දරුවො අහල ඇති දෙවන ලෝක යුද සමයේ නාසි සොල්දාදුවන්ගෙන් දිවි බේරා ගැනීමට සැඟවී සිටියදී පොතක් ලියූ 15 හැවිරිදි දැරිය ඈන් ෆ්‍රෑන්ක් ගැන. ඇය මරණ බියෙන් වෙලෙමින් තමයි ඈන් ෆ්‍රෑන්ක් ගේ ඩයරිය රචනා කරේ.
ඇය මෙසේ කියා තිබූනා...
"මට ලියන කොට විතරයි සියළුම අපහසුතාවලින් මිදෙන්නට පුළුවන්. මගේ දුක නැතිවෙනවා විතරක් නොවෙයි, මගේ නිර්භීතකම නැවත උපදිනවා. "
ඇයගේම වචන වලින් කියන්නේ, ආපදා අවස්තාවකදී මෙලෙස ලියන්නට පෙලඹීම කෙතරම් අස්වැසිල්ලක් ද කියන එකයි.
මගේ දරුවො මේ අසමසම දැරිය ආදර්ශයට ගන්න..
මගේ ආදරණීය දරුවනි. ලියන්න..
ලියන්න පටන් ගන්න...
මතක තියාගන්න පයිප්පය අරින කල් වතුර ගලා එන්නෙ නැහැ.
ඒ වගේම ලියන්න බය වෙන්න එපා...මොකද...
"වැරදි පිටුවක් හරිගස්සන්න පුළුවන්. හැබැයි හිස් පිටුවක් හරිගස්සන්න බැහැ.."
ඩලස් අලහප්පෙරුම
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
Copied by: www.moe.gov.lk
0 Comments