Grade 11 Recovery Timetable Bell Times - 2020


අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත්ව 2020.07.06 දින සිට ඇරඹෙන අ.පො.ස (සා/පෙළ) අධ්‍යයන අංශයේ 11 ශ්‍රේණිවල පන්ති කාමර අධ්‍යයන ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමණය කරමින් පැවැත්වේ.
ශ්‍රීපාලි විද්‍යාලයේ 11 ශ්‍රේණිවල එක් එක් පන්ති වලට අදාළ සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා අධ්‍යයන කටයුතු සංවිධානය කොට ඇති අතර, සෑම පන්තියකම එම පන්තියට නියමිත සිසුන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කොට ඇත.
Alpha (α-ඇල්ෆා) කණ්ඩායමට අයත් සිසුන් තම 11 ශ්‍රේණි පන්ති කාමරය තුළ ද, Beta (β-බීටා) කණ්ඩායමට අයත් සිසුන් අදාළ 10 ශ්‍රේණි පන්ති කාමර තුළද පුද්ගල දුරස්ථභාවය ආරක්ෂාවන පරිදිසෞඛ්‍ය නිර්දේශයන් අනුගමනය කරමින් අසුන් ගත යුතුය.

Post a Comment

0 Comments